විශේෂයෙන් ත්‍රිවිධ හමුදාවේ සහය මේ සඳහා ලබා ගන්නවා. තවද පොලිස් මූලස්ථානයෙන් විශේෂ උපදෙස්මාලාවක් සියලුම පොලිස් ස්ථාන වෙත ලබා දී තියෙනවා. මීට අමතරව පාසල් ගුරුවරුන් හා දෙමාපියන් සමඟ වැඩපිළිවෙලක් සකස් කර ගැනීමට සියලුම පොලිසිවලට උපදෙස් දී තියෙනවා. ඒවා සම්බන්ධයෙන් කොට්ටාශභාර පොලිස් අධිකාරීවරුන් හා අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අධීක්ෂණ්‍යට භාර දී තියෙනවා.
පාසල් අසල වාහන නතර කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතර මේ කටයුතු සඳහා ජනතා සහයෝගය බලාපොරොත්තු වෙනවා යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.