ඒ අනුව කොළඹ අවට පාසල්වලට පැමිණෙන පසල් වෑන් රථ හා බස් රථ වෙනුවෙන් සුවිශේෂී ආරක්ෂක රථවාහන සැලැස්මක් පොලීසිය විසින් ක්‍රියාත්මක කොට තිබේ.
පාසල් අවට කිසිදු වාහනයක් නවතා තැබිය නොහැක. පාසල් ආරම්භ වීමෙන් පසුවද කිසිදු වාහනයක් පාසල් අවට නවතා තැබීමට කටයුතු නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
මේ අනුව පාසල් වෑන් හා බස් රථ නවතා තැබීම සඳහා ස්ථන වෙන් කිරීමට කටයුතු කර තිබේ. පොලිස් බලප්‍රදේශවල,ඒ ඒ පාසල්වලට අදාළ වන ආකාරයට මෙම වෑන් හා බස් රථ ගාල්කර තැබීමේ ස්ථාන පිහිටුවා ඇත.