පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම ඊයේ (06) ප.ව 02.00 ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්රධානත්වයෙන් පැවැති අතර එහිදී මෙම තීරණයට එළඹී ඇත.
මෙහිදී, කථානායකවරයා සියළු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේ, මෙම අවස්ථාවේ දී අතිශය වැදගත් සහ කාලෝචිත පියවර පාර්ලිමේන්තුව මඟින් ගත යුතුව තිබෙන බැවින්, එකිනෙකා කෙරෙහි අවලාද නොනගා වගකීමේන් යුතුව විවාදයට එක්වන ලෙස සිය මන්ත්රීවරුන් දැනුවත් කරන ලෙසයි.