අන්තවාදය පරාජයට පත් කළ යුතුයි.ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කළ යුතුයි. අයි එස් අයි එස් පරාජය කිරීමට මුස්ලිම් ජනතාව ඉදිරියට පැමිණිය යුතුයි. අන්තවාදි ආගම්වාදයට විරුද්ධ අවශ්‍ය තාව මුස්ලිම් ජනතාව තුළින් පැමිණිය යුතුයි.
සමහර අය පටු දේශපාලන වාසි ගන්නවා. මේ ප්රශ්නය තුළින් අපේ ජතික ආර්ථිකයට බලපෑවා. කවුරුත් සාමූහික ප්රයත්නයක් දරමින් ත්‍රස්තාවාදය මුලිණුපුටා දැමීමට පියවර ගත යුතුයි.
ශක්තිමත් විධායක ජනාධිපතිධූරයක් අවශ්‍යයි මේ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා. සුවිශේෂී අවස්ථාවල දී ඒ සඳහා නීති පද්ධතියක් අවශ්‍යයි.නිලධාරීන් විශේෂ උනන්දුවක් දක්ෂතාවයක් ප්‍රදර්ශනය කර තිබෙනවා යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.