ප්‍රතිත්‍රස්ත වැලැක්වීමේ පනත සම්බන්ධයෙන් අඳහස් දක්වමින් අද (8) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා මේ බව පැවසී ය.
ප්‍රතිත්‍රස්ත පනත අපේ ආංශික කාරකසභාවට ඉදිරිපත් කළා.මෙහි බැරෑරුම් තත්ත්වය තේරුම් ගත්තා.සියලු දේශපාලන පක්ෂ එක්ක එකඟතාවය අරගෙන මෙය රටේ අනාගතයට බලපාන නීතියක් නිසා,රටට වැදගත් පනතක් ලෙස පාර්ලිමේන්තුවට මෙම පනත ඉදිරි පත් කරන්න.ලේසියෙන්ම අපට තිබුණා පනත පාර්ලිමේන්තුවට දාන්න.අගමතිතුමා සහ විපක්ෂයේ මන්ත්‍රීවරු කළ උපදෙස් අනුව අප තීරණය කළා යම් කිසි සංශෝධන මේ පනතට ඉදිරිපත් කරන්න ඕන කියලා.
අපි සියලු දෙනා දේශපාලනය ගැන කතා කළාට රටේ අනාගතය ගැන කල්පනා කරනවිට මේ සියලු මන්ත්‍රීවරු,රට ගැන කල්පනා කර කටයුතු කිරීමයි අවශ්‍යය. ආංශික කාරක සභාව තීරණයක්ක් ගත්තා,මෙයට අදාළ විද්වතුන් ඊළඟ සභාව තිබෙන අවස්ථාවේ දී කැඳවලා,ඒ අයගේ අඳහස් ලබාගන්න.අපි හඳන පනත සියලු දෙනාම එකඟ විය හැකි මේ රටේ අනාගතය ගැන කල්පනා කරන පනතක් විය යුතුයි.
අග්‍රාමාත්‍යතුමා සමඟ සාකච්ඡා කළා,කතානයකතුමාගේ අනුදැනුම අනුව ඒ සියලු කට්ටිය කැඳවන්න. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට එන්න කිව්වා කතා කරන්න. මාස 4 තුළ සියලු දෙනා සම්බන්ධ කරගෙන,මේ පනත සංශෝධන රාශියක්කර සකස් කර තිබෙන්නේ. අවශ්‍ය නම් තේරුම් කාරක සභාවක් පත් කරන්න කිව්වා විපක්ෂ නායකතුමා. අපි මේ පනතට අවශ්‍ය සංශෝධාන් ඉදිරිපත් කර තිබෙන්නේ. තවදුරටත් පනතට සංශෝධන එකතු කරන්න අවශ්‍ය නම්, එයට ලෑස්තියි. මෙය බොහොම විනිවිදභායෙන් මේ රටට අවශ්‍ය කරන පනතක් හැටියට හඳුන්වා දෙන්න ලැස්තියි.අපි හදිසි වෙන්නේ නෑ යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.