ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    මාතර දිස්ත්‍රික් සිවිල් සංවිධාන සම්මේලනය මැයි 10 වැනිදා මාතර දී

    මැයි 09, 2019

    මාතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන හා ස්වේච්ඡා සිවිල් සංවිධාන එකමුතුවෙන් පිහිටුවන ලද මාතර දිස්ත්‍රික් සිවිල් සංවිධාන සම්මේලනය මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප්රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි මස 10 වැනිදා පෙ.ව. 9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

    මෙහි දී ක්ෂුද්‍ර මූල්‍යකරණය පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් සිදු කිරීමට නියමිත අතර ඊට අමතරව 2019 වර්ෂයේ ඉදිරිවැඩසටහන් සැලස්ම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත ය.

    මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය නොවන සංවිධානවල හා ස්වේච්ඡා සිවිල් සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.

    DMU /Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya