අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ(9) මල්වතු සහ අස්ගිරි පර්ශවයේ සහ රාමඤ්ඤ නිකායේ මහානායක ස්වාමීන් වහන්සේලා බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මහනායක ස්වාමින් වහන්සේලා බැහැ දැක රට සාමන්‍ය තත්වයට ගෙන ඒම සම්බන්ධයෙනුත් දැනට ගෙන ඇති ආරක්ෂක පියවර සම්බන්ධයෙන්ද සාකච්ඡා කොට උපදෙස් ලබා ගත් බව පැවසීය. එමෙන්ම ඉදිරියේදී මෙවැන්නක් සිදු නොවීමට වගබලා ගැනීමටත් අන්තවාදය නතර කිරීමට ගත හැකි ක්‍රියා මාර්ග පිළිබදවත් එහිදී උන් වහන්සේලා සමග සාකච්ඡා කළ බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.
ලංකාවේ සෑම ආගමක අනන්‍යතාවයක් ඇති බවත්, අප සියළු දෙනා ශ්‍රී ලාංකික අනන්‍යතාවය ආරක්ෂා කිරීමට කැපවිය යුතු බවත් අන්තවාදයට ඒවා යටපත් කිරීමට කිසි විටකත් ඉඩ නොතබන බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා අන්තවාදයට ශ්‍රී ලාංකිය අනන්‍යතාවය යටපත් කිරීමට ඉඩ නොදෙන බවත් පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09) පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගන්නා ලදී. අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් බැහැදැක උන්වහන්සේගේද ආශිර්වාද ලබා ගන්නා ලදී.
මල්වතු සහ අස්ගිරි මහානායක මා හිමිපාණන් වහන්සේලා බැහැ දැකීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පෙමසිරි මාහිමිපාණන්ද බැහැ දකින ලදී. මාධ්‍ය හමුවේ අදහස් දක්වන ලද්දේ ඉන් අනතුරුවය.
DMU/Kandy