ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    සංචාරක කර්මාන්තය නගා සිටුවීමට රුපියල් බිලියනයක ප්‍රවර්ධන සැලැස්මක්

    මැයි 11, 2019

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නිසා බිඳ වැටී ඇති ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවතත් යථා තත්වයට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධන හා ප්‍රචාරක වැඩපිළිවෙලක්දියත් කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කටයුතු කරගෙන යයි.


    මේ වෙනුවෙන් ගෝලීය මහජන සබඳතා ප්‍රවර්ධන සමාගමක හා ජාත්‍යන්තර දැන්වීම් ප්‍රචාරක සමාගමක සහාය ලබා ගැනීමට යන බවත් ඒ සඳහා රුපියල් බිලියනයක මුදලක් වැය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂු ගෝමස් මහතා ඊයේ (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය .

    අප්‍රේල් විසි එක් වෙනිදා බෝම්බ ප්‍රහාරයට පෙර දිනකට විදේශීය සංචාරකයින් 4300 ක් පමණ ශ්‍රී ලංකාවට මේ පැමිණි නමුත් දැන් පැමිණෙන්නේ දිනකට 2000 ක පමණ පිරිසකි.රටට විපතක් සිදු වී ඇති මෙවන් අවස්ථාවක මෙ තරම් සංචාරකයින් පිරිසක් පැමිණීම සෑහීමට පත්විය පත් විය හැකි තත්ත්වය්ටකි.

    ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන විදේශීය සංචාරකයින්ට ප්‍රධාන බාධාවක් වී ඇත්තේ ඔවුන්ගේ මව් රට වලින් ඔවුන්ට සංචාරක රක්ෂණ සහතික ලබා දීම අ හිටුවා තිබීමයි .එම නිසා මෙරටට පැමිණෙන සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ දී ඇමෙරිකානු ඩොලර් එක්ලක්ෂ එක්ලක්ෂ පනස් දහසක රක්ෂණයක් ලබා දීම ට රජය සමඟ සාකච්ඡා කොට සංචාරක ප්‍රවර්ධන අධිකාරිය කටයුතු කරගෙන යන බව ද ඒ මහතා කීය ..

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya