රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා විසින් අද දින(12) විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසි ය.
ෆෙස්බුක් .සමාජමාධ්‍ය මාධ්‍ය තුළ දෙදෙනෙක් බහින්බස් වීමක් සිදුව තිබේ. එහිදි එක් අයෙක් මුදා හැරි ප්‍රකාශයක් මත එම පුද්ගලයාට අයත් හලාවත නගරයේ පිහිටි වෙළදසැලට ජනතාව එක් රැස් වීම නිසා නොසන්සුන්තායක් හට ගත්තා.එම නිසා හලාවත නගර සීමාව තුළ පොලිස් ඇඳිරි නීතිය හෙට (13)පෙ.ව 6.00 දක්වා පැන වු අතර මේ වන විට තත්ත්වය සාමකාමි හා සාමාන්‍ය අතට පත්ව ඇති නිසා එම ඇඳිරි නිති කාලය හෙට පෙරවරු 4.00 දක්වා අඩු කරනු ලැබුවා.
එම ප්‍රකාශය මුදා හරින ලද පුද්ගලයා වු බසාර් වීදිය, හලාවත පදිංචි අබ්දුල් හමීඩි මොහොමඩ් (38) අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිසිය,පොලිස් විශේෂ බලකාය හා ත්‍රිවිධ හමුදාව හලාවත නගරයේ සාමය ආරක්ෂ කිරිම සඳහා යොදවා තිබෙනවා.
ඊයේ(11) හවස ගල්කිස්සේ දී අවි ආයුධ සමග ත්‍රස්තවාදීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි සමාජ මාධ්‍ය තුළ සාවාද්‍ය තොරතුරක් පල වුණා.නමුත් එහි සිදු වී ඇත්තේ විදේශිය මුදල් ලංකාවේ මුදල් සමග හුවමාරු කිරිමේ ජාවාරමක්.මෙය ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධයක් නැහැ. මේ සම්බන්ධව ගල්කිස්ස, කිරුළපන,කොහුවල හා කලුතර දී පුද්ගලයින් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.ඔවුන් ලග තිබී රු .මිලියන 2.5 ක් .සහ මොටර් රථ දෙකක් අත්අඩංගුවට ගත්තා.මේවා ව්‍යාජ මුදල් ද ,මුදල් විශුද්ධිකරණයක් ද යන්න පිළිබද සොයා බලනවා .
කලුබෝවිල රෝහලේ වෛද්‍ය ශීෂ්‍යයින් කිහිපදෙනෙක්ගේ අත්අඩංගුවට ගැනීමක් පිළිබද තොරතුරක් සදහන් වෙනවා.එය සාවාද්‍යයි. 13 වන දින එනම් හෙට දින තහවුරු නොවු තොරතුරක් වාර්තා වෙනවා.එලෙසින් ලැබෙන තොරතුරු කිසිසේත්ම බැහැර කරන්නේ නැහැ.ඒ පිළිබද උපරිම පරික්ෂා කිරිම් කරන අතර ආරක්ෂාව ලබාදෙනවා.බුද්ධි අංශ හා ආරක්ෂක අංශ මෙම තොරතුර තහවුරු කර නැහැ.
එසේම පාසල් සඳහා උපරිම ආරක්ෂාව තව දුරටත් ලබා දෙනවා. අද ආගමික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවුණා. ඔබගේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන්න. ආරක්ෂාව උපරිමයෙන් සලසා තියනවා.
වත්තල හුණුපිටිය ඊයේ සිදු වු සිද්ධිය ගැන කණගාටුව පල කරන අතර මේ දිනවල ආරක්ෂක අංශ මගින් හදිසි මාර්ග බාධක යොදා විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කරනවා.ජනතාවගේ උපරිම ආරක්ෂාව සැලසිම සදහා සිදු කරන මෙම පරික්ෂා කිරිම්වලට ජනතාවගේ උපරිම සහයෝගය බලාපොරොත්තු වෙනවා.