ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා පාසල් ආරම්භය අද

    මැයි 13, 2019

    පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ වන්නේ අද (මැයි මස 13 වන සඳුදා) සිදු වෙයි.

    පාසල් දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති විශේෂ ආරක්ෂක සැලසුමට අනුව මෙම ශ්‍රේණිවල පන්ති ආරම්භය කල් දැමීමට රජය පියවර ගත්තේ ය.

    පසුගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාසල්වල හා දරුවන්ගේ ආරක්ෂාව සඳහ විශේෂ වැඩපිළිවෙලක් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කළේ ය.

    ඒ අනුව පස් වැනි ශ්‍රේණියේ සිට ඉහලට ප්‍රථම පාසල් ආරම්භ වූ අතර ඉන් අනතුරුව අද දින පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

     පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ පාසල් ආරක්ෂව සම්බන්ධයෙන් අඛණ්ඩව ආරක්ෂ අංස විසින් කටයුතු සිදු කෙරෙන බවයි. මීට අමතරව ප්‍රජා අරක්ෂක කමිටු,දෙමව්පිය සමිති දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සහයෝගය දක්වයි. පසුගිය දින පාසල් ආරම්භ වුවත් දරුවන්ගේ පැමිණීම යම් අඩුවක් දක්නට ලබුණ ද එය ක්‍රමයෙන් වර්ධනාය් වීමක් පසුව දක්නට ලබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya