මීට අදාළ පත්වීම් ලිපි ප්රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුලු ක්ෂේත්රයේ ප්‍රවීනයන් රැසකගේ සහභාගිත්වයෙන් අද සඳුදා (13) අරලියගහ මන්දිරයේ දි පැවැත්වේ.
ජාත්‍යන්තර, සමස්ත ලංකා සහ පළාත් තරඟවලදී ප්‍රථම දෙවන හා තුන්වන ස්ථාන හිමිකරගනිමින් විවිධ ක්‍රීඩා ඉසව් තුළ දක්ෂතා දැක් වූ ක්‍රීඩික ක්‍රීඩිකාවන් පමණක් විධිමත් ප්‍රායෝගික සහ සම්මුඛ පරීක්ෂණ වලින් අනතුරුව මේ සඳහා තෝරාගෙන තිබේ.
ඔවුන් සඳහා තවදුරටත් විශේෂ නේවාසික පුහුණුවක් ද ලබා දිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන ඇති අතර පුහුණුවෙන් පසු දිවයින පුරා පාසල්වල ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස ඔවුන් රාජකාරියට එක්වනු ඇත.