ඒ මහතා මේ බව පැවසුවේ, අප්‍රේල් මස 25 වන දිනට යෙදී තිබූ ලෝක මැලේරියා දින සැමරීම නිමිත්තෙන් අද (13)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩමුළුවට සහභාගී වෙමිනි.
ශ්‍රී ලංකාව 2012 වසරේ මැලේරියාව සම්පූර්ණයෙන් තුරන් කළ අතර මැලේරියා දින සැමරුම මෙවර පවත්වනු ලබන්නේ 7 වන වරටයි.''මැලේරියාව යළි අපට එපා ''යන්න මෙවර එහි තේමාවයි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසූයේ
අප රටේ මැලේරියා රෝගය තුරන් කලද රට වටා ඇති අනෙකුත් රටවලින් මැලේරියා වාහකයින් මෙරටට පැමිණෙනවා. මැලේරියාව වැළඳීමේ Risk එකක අපි ඉන්නේ. විදේශ රැකියා සඳහා යන විට ගුවන් තොටුපළේ මේ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, විදේශ සේවා නියුක්ති කාර්යංශය,කම්කරු අමාත්‍යංශය මේ සඳහා සහය ලබා දෙනවා.
නිසි විදියට පාලනය කළේ, නැතිනම්ම් රෝගය නැවත ඇති විය හැකියි. මැලේරියාව ඇති රටවල සංචාරය කරයි නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර අරගෙන යන්න කියල ඉල්ලනව. මැලේරියාව නැවත පැතීරීයාමට ඇති අවධානම සහ ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන අපි සළකා බලනවා. ඉන්දියාව , දඹදිව වන්දනාවේ යන අය මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි.ජනතාව මේ පිළිබඳව දැනුම්වත් වීම තුළින් මෙහි ව්‍යසනකාරී ප්‍රතිවිපාක වළක්වා ගත හැකි යැයි ද පැවසීය.