ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රතිත්‍රස්ත පනත ගේන්නේ ත්‍රස්තවාදය මර්දනය කිරීමට දැනට තිබෙන නීති ප්‍රමාණවත් නැති නිසයි- ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල

    මැයි 13, 2019

    රජය ප්‍රතිත්‍රස්ත පනත ගෙන එන්නේ ත්‍රස්තවාදය මර්දනය කිරීමට දැනට තිබෙන නීති ප්‍රමාණවත් නොමැති නිසා බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    “අද අපට මුහුණ පෑමට සිදුව ඇත්තේ ගෝලීය ත්‍රස්ත වාදයටයි.ත්‍රස්තවාදීන්ට මරණ දඩුවම දීම දැන් තිබෙන නීති මගින් කරන්නට බැහැ.ප්‍රතිත්‍රස්ත පනත මගින් ත්‍රස්තවාදීන්ට මරණ දඩුවම ලබාදීමට හැකිවෙන අතර ත්‍රස්තවාදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලයද ආරක්ෂක හමුදාවටද ලැබෙනවා.”යැයි සිය අමාත්‍යාංශයේ අද(13) පැවැති මාධ්‍ය හමුවකදී කිරිඇල්ල මහතා කීය.

    එසේම ලෝකයේ ඕනෑම රටක සිට ත්‍රස්තවාදී කටයුතුවල යෙදෙන ශ්‍රී ලාංකිකයින්ට විරුද්ධව නීති මගින් කටයුතු කිරීමට මේ පනත අනුව හැකිවන බවද පැවසූ ඇමතිවරයා යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබී තිබෙන බවද කීය.

    “ත්‍රස්තවාදීන්ට දැනට තිබෙන නීති යටතේ උපරිම දඩුවම ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කිරීමයි.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුලින්ම පාර්ලිමේන්තුවෙන් සම්මත වූයේ 1979 දී බවත් දැන් මෙය සමග පනත් සංශෝධනය කිරීමට සිදුවී තිබෙන්නේ අද ගෝලීය ත්‍රස්තවාදය නිසා බවත් ඒ මහතා සදහන් කළේය.

    ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන මුලින්ම සාකච්ඡා කළ අවස්ථාවේ විපක්ෂ නායකවරයා එයට එකගතාවය පලකළ නමුත් දැන් මෙයට විරුද්ධ වීම තේරුම් ගත නොහැකි බවද කිරිඇල්ල මහතා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya