අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook

    මා වෙත දේශපාලන වගකීම් පැවරීම සුදුසු යැයි සඳහන් කිරීම කණගාටුවට කරුණක්

    මැයි 13, 2019

    විවිධ මාධ්‍ය හරහා මේ රටේ සිදුවී ඇති වත්මන් තත්වය සඳහා මා වෙත දේශපාලන වගකීම් පැවරීම සුදුසු යැයි සඳහන් කිරීම විවිධ පුද්ගලයින් මගින් පළ වී තිබීම මාගේ මවිතයට හා කණගාටුවට හේතු වී ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ විසින් අද(13) නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසති

    නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

    විවිධ මාධ්‍ය හරහා මේ රටේ සිදුවී ඇති වත්මන් තත්වය සඳහා මා වෙත දේශපාලන වගකීම් පැවරීම සුදුසු යැයි සඳහන් කිරීම විවිධ පුද්ගලයින් මගින් පළ වී තිබීම මාගේ මවිතයට හා කණගාටුවට හේතු වී ඇත. මා කතෝළික පූජාප්‍රසාදීතුමෙකු හා රඳගුරුතුමෙකු වශයෙන් මාගේ අරමුණ හුදෙක් අධ්‍යාත්මික හා ආගමික් මෙහෙවරක යෙදීම පමණි. මම මේ රටට හා ජනතාවට මෙන්ම අපේ උතුම් වූ සංස්කෘතියට ඉමහත් සේ ආදරය කරමි. එය රැක ගැනීම සඳහා අධ්‍යාත්මිකව මා හට කළ හැකි යමක් වේද , ඒ සඳහා කැපවීම විනා වෙනත් කිසිම බලාපොරොත්තුවක් නැති බව සහතික කරමි.
    මාගේ එකම දේශපාලනය දෙවියන් වහන්සේට හා මාගේ අදරණීය ජනතාවට සේවය කිරීමයි. ඒ සඳහා දේශපාලන න්‍යාය ධර්මයන් ඉස්මතු කිරීම හෝ යම් පක්ෂයකට සහයෝගය දීමට හෝ දේශපාලන තනතුරු සඳහා ඉදිරිපත් වීමට කිසිම උත්සාහයක් හෝ අභිලාෂයක් නොමැති බව සඳහන් කිරීමට කැමැත්තෙමි. මා කෙරෙහි විශ්වාසය තබමින් ඇතැම් උදවිය කළ ප්‍රකාශ ගැන මම ස්තූති වෙමි.
    එය එතැනින් නවතිනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya