ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    ජනපති සහ චීන අගමැති හමු වෙයි

    මැයි 16, 2019

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ චීන අග‍්‍රාමාත්‍ය ලී ක්වැන්ග් (Li Keqiang) මහතා අතර හමුවක් (15) පස්වරුවේ බීජිං නුවර දී පැවැත්විණි.

    ශ‍්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ අනපේක්ෂිත තත්ත්වය පිළිබඳ සිය කනගාටුව පළ කළ චීන අග‍්‍රාමාත්‍යවරයා ශ‍්‍රී ලංකා – චීන ජනාධිපතිවරුන් අතර පැවති සාකච්ඡාවේ දී එකඟ වූ කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ප‍්‍රකාශ කළේ එම කරුණු පිළිබඳ තමාගේ ද දැඩි අවධානයක් යොමුව තිබෙන බවත්, ත‍්‍රස්ත අභියෝගය ජය ගැනීමට ශ‍්‍රී ලංකාවට චීනයෙන් ලබාදිය හැකි සහයෝගය සියලු ආකාරයෙන් ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන බවත් ය.

    ජනාධිපතිවරු සාකච්ඡා කළ පරිදි, ත‍්‍රස්තවාදී කටයුතු සඳහා අන්තර්ජාලය යොදාගැනීම පාලනය කිරීමට චීන ආධාර ලබාදීම සහ ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය මැඩලීමට ශ‍්‍රී ලංකා ආරක්ෂක අංශවල ක‍්‍රමෝපායික හැකියාවන් ප‍්‍රවර්ධනය කිරීමට අවශ්‍ය ආධාර ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව ද චීන අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.

    ශ‍්‍රී ලංකාවේ මතු වූ හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතුවලට රුපියල් කෝට් 260ක මුල්‍ය පරිත්‍යාගයක් ලබාදීම, පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සැපයීම ඇතුළු දැක් වූ සහයෝගීතාව වෙනුවෙන් චීන රජය වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා කියා සිටියේ මිත‍්‍රශීලී සියලු රටවල සහයෝගයෙන් ශ‍්‍රී ලංකා මාතෘභූමිය නිදහස් මෙන්ම සමෘද්ධිමත් රටක් ලෙස ගොඩනැඟීමට කටයුතු කරන බවයි.

    මේ අතර දෙරටට අදාළ ආර්ථික සහ සංවර්ධන කරුණු රැසක් ද මෙහි දී සාකච්ඡා වූ අතර ශ‍්‍රී ලංකාවේ ඉතාමත් ඉහළ ප‍්‍රමිතියෙන් සහ ගුණාත්මකභාවයෙන් යුත් නිෂ්පාදනවලට චීනයේ ඉල්ලුමක් පවතින බවත්, ඒ සඳහා හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කර දීමට හැකියාව පවතින බවත් චීන අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya