බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය , බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව , සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය හා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව පුණ්‍යෝත්සවය සංවිධානය කරන ලදී.
බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරාමහතාගේ ආරාධනයෙන් ත්‍රෛනිකායික අති ගෞරවාර්හ මහනායක ස්වාමීන්ද්‍රයානන් වහන්සේලා සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මෙම වෙසක් පුණ්‍යෝත්සවය පැවැත්වීමට සූදානම් කර තිබේ.