වෙසක් දින පණිවිඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි
ලෝක බෞද්ධයන් සෑම වසරකම වෙසක් පොහෝ දින ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් සමරන්නේ ලොව්තුරු බුදුන්ගේ උපත, සම්මා සම්බුද්ධත්වය සහ මහා පරිනිර්වාණය යන අති ශ්‍රේෂ්ඨ සිදුවීම් තුන මෙදින සිදුවූ බැවිනි.
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා අප මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබීම පිළිබඳ සංසිද්ධිය තුළින් පැවැසෙන්නේ, තමන් එල්බ ගත් අධිෂ්ඨානය මත නොසැළී සිඳිමින් නොපසුබටව, සංසාරගතව පිරූ පාරමිතාවන් සඵල කරගැනීමට උදාර මනුෂ්‍යත්වය සතුව පවත්නා විරල ශක්‍යතාවය වේ.
නූතන සංකීර්ණ ලෝකයේ අපමණ තැවුලින් විඩාවට පත්ව පෙළෙන මිනිසාට, මානසික සහනය මෙන්ම ජීවන විමුක්තිය සලසා දීමටද මනා පිටිවහලක් සපයන දැක්මක් බව බටහිර දියුණු ජාතීන් බුදුදහම කෙරෙහි දක්වන විමසිලිමත් උනන්දුව මගින් අවධාරණය වේ.
සමස්ත සොබාදහම අසිරිමත් නවෝදයකින් ඇළලෙන උත්කර්ශයෙන් පිරි වෙසක් සමය, බුදුන්වහන්සේ දේශනා කළ අයුරින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්මවිහරණයන්ගෙන් පන්නරය ලබන යහගුණයෙන් පිරි සමාජයක් ගොඩනැංවීමේ මහා ආධ්‍යාත්මික ප්‍රවේශයක් බවට පත්කරගැනීමට අධිෂ්ඨාන කරගමු.