ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙයට පෙර සංවිධානය කළ නිල මෙහෙවර ජනපති ජනතා සේවයෙහි දිගුවක් ලෙස මෙම දිස්ත්‍රික් සහන සේවය සංවිධානය කරන අතර මේ තුළින් ජනතාවට වඩාත් ප්‍රතිලාභ සහ රාජ්‍ය සේවයේ කටයුතු කඩිනමින් ලබාදීමට අපේක්ෂිතය.
රාජ්‍ය සේවය ගමට මාතලේ දිස්ත්‍රික් සහන සේවා වැඩසටහන ඉදිරි දිනවල මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර පැවැත්වීමට නියමිත අතර එය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපදෙස් හා දැනුවත් කිරීම මෙම හමුවේදී සිදු වෙයි. මෙම සහන සේවය මගින් ජනතාවට කිසිඳු මුදලක් අය කිරීමෙන් තොරව උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් ලබාදීම, නොමිලේ පවත්වන වෛද්‍ය සහ අක්ෂි සායන සේවාවන්, රියදුරු බලපත්‍ර ලබාදීම, සමෘද්ධි දීමනා, වැඩිහිටි දීමනා, විශ්‍රාම වැටුප් දීමනා සහ රජය මගින් ලබාදෙන අනෙකුත් දීමනා සම්බන්ධ ගැටලු නිරාකරණය, ඉඩම් හිමිකම් ගැටලු, බලපත්‍ර ගැටලු විසඳීම සහ ඉඩම් ඔප්පු ලබාදීම, ගොවි, කම්කරු ගැටලු සඳහා විසඳුම් සහ ස්වයං රැකියා අවස්ථා හඳුන්වාදීම ඇතුළු ජනතා හිතවාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ. මෙම අවස්ථාව සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, සංචාරක සංවර්ධන හා වන ජිවී රාජ්‍ය අමාත්‍ය රන්ජිත් අලුවිහාරේ මහත්වරු ඇතුළු නගරාධිපතිවරු,සභාපතිවරු, විපක්ෂ නායකවරු සහ මන්ත්‍රීවරු සහභාගි වීමට නියමිතය.