අද (23) සවස කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි වතිකානු තානාපති නිල නිවසේ දී මෙම හමුව සිදු විය. පාස්කු ඉරුදින සිදු වූ බෝම්බ ප්රහාරය හා රටේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට කොළඹඅගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ශ්රී ලංකාවේ වතිකානු තානාපති, අගරදගුරු පියරේ ගුයෙන් වැන් ටොට් (Pierre Nguyên Van Tot) හිමියෝ ද සහභාගි වූහ