පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විමසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ කීය.
මේ වනවිට ලංගම බස් රථ 3000ක අඩුවක් පවතින බවද අමාත්‍යවරයා පැවසීය. ඉදිරි මාස තුන ඇතුළත, තත්ත්වයෙන් උසස් බස් රථ 2000ක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.