ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    කුරුණෑගල වෛද්‍යවරයා සම්බන්ධයෙන් විමර්ශනයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විද්වත් මණ්ඩලයක්

    මැයි 27, 2019

    කුරුණෑගල රෝහලේදී අත්අඩංගුවට පත් වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය වෙනම විද්වත් මණ්ඩලයක් පත් කෙරෙන බව සෞඛෟ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද(27) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ය.

    මෙම විද්වත් කමිටුව සඳහා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය සභාවෙන් නියෝජිතයෙක්ද පත් වෙයි. වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු බලපෑමක් සිදු නොකරන බවත් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

    කුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටිය දී මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ වෛද්‍ය ෂාෆි ෂෙහබ්දීන් යන අයය. තමා ඉපැයූ ආකාරය හෙළි කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් මෙම වෛද්‍යවරයාට එරෙහිව විමර්ශන සිදු වෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya