ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දීය අග්රාමාත්යවරයා ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
ආචාර වෙඩිමුර සහිත හමුදා උත්තමාචාර පිළිගන්වමින් මහත් හරසරින් මෙම පිළිගැනීම සිදු විය.
ජනාධිපති කාර්යාලයේ පැවති අභිමානවත් පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති මන්දිරය වෙත පැමිණි නායක දෙපළ එහි දී සාකච්ඡාවලට එක් වූහ.
සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති මන්දිර පරිශ්රයේ දියරතඹල පැළයක් රෝපණය කිරීමට ද දෙරටේ නායක දෙපළ එක් වූහ