දේවස්ථානයට පැමිණි ඉන්දීය අග්රාමාත්යවරයා, කොළඹ අගරඳගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් පිලිගත්තේ ය.
මේ අවස්ථාවට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේ ය.
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්රහාර මාලාවෙන් අනතුරුව ශ්රී ලංකාවේ සංචාරය කරන පළමු විදේශීය රාජ්ය නායකයා වන්නේ ද ඉන්දීය අග්රාමාත්යවරයා යි.
දෙරට අතර අතීතයේ පටන් පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගිතාවය සෑම ක්ෂේත්රයකින්ම ඉහළ නංවා ගැනීමට එතුමාගේ මෙම සංචාරය බොහෝ සෙයින් ඉවහල් වනු ඇත.
ඡායාරූප- ඒල්.ඒ.රෝහණ- රජයේ ප්රවෘත්ති දෙපර්තමේන්තුව