වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ කෘෂිකර්ම,වාරි මාර්ග,ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී .හැරිසන් මහතායි.
යාං ඔය ප්‍රධාන ඇල මාර්ගයේ වම් ඉවුර ප්‍රදේශයේ ජනතාවට එලෙස කන්න වන්දි ප්‍රදානය කළේ, 2018 හා 2019 කන්නයන් සඳහා ය.
මෙහිදී පවුල් 113 කට මිලියන හයක මුදලක් වන්දි වශයෙන් ලබා දීම සිදු කෙරිණ. වන්දි ලැබූවන් පදවිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වේ. වන්දි ලැබීමට පැමිණි පිරිස වෙත අමාත්‍යවරයා කියා සිටියේ, වන්දි ලබාදීම ඉතා කඩිනමින් අවසන් කරන බවයි. වන්දි ලබාදීමේ අස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් නීතීඥ ආර්. එම්. වන්නිනායක, යාං ඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ උදය හේමකුමාර ,යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගී විය.
DMU/Anuradhapura