පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වැඩබලන සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මීට පෙර අවස්ථා දෙකක දී විශේෂ කාරක සභාව රැස්විය. අද කාරක සභාව රැස්වන්නේ තෙවැනි දිනටයි. කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද (11) කාරක සභාව හමුවට පැමිණියේ ය.
වත්මන් ආරක්ෂක ලේකම්, ජාතික බුද්ධි ප්‍රධානි, හිටපු ආරක්ෂක ලේකම්, නිවාඩු ලබා සිටින පොලිස්පතිවරයා මීට පෙර කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණි.