මීට පෙර අවස්ථා තුනක දී විශේෂ කාරක සභාව රැස්විය. අද කාරක සභාව රැස්වන්නේ සිව්වැනි දිනටයි. ඒ අනුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති,නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ
ප්‍රධානත්වයෙන් කාරක සභාව ඇරඹිණි.
රාජ්‍ය පරිපාලන හා ආපදාකළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පළමුව සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණි. මීට පෙර පැවැති කාරක සභාවන් සඳහා නියෝජ්‍ය කතානායකවරයා සහභාගී නොවූ අතර අද සහභාගී වන්නේ ප්‍රථමවරටය.කාරක සභාව හමුවේ සාක්ෂි විමසීම සඳහා නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා මහතා ද සාක්ෂි දීමට නියමිතය.