ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    පවුලේ වෛද්‍යවරයා සංකල්පය ක්‍රියාත්මක කිරීමට සුව ඇමැති සැරසෙයි

    ජූනි 14, 2019

    දිවයින පුරා සුවදිවි මධ්‍යස්ථාන සහ සුවනාරි මධ්‍යස්ථාන 1500 ක් ස්ථාපිත කර ඇතත් ජනතාවගෙන් සියයට 35 ක් පමණ එම මධ්‍යස්ථාන භාවිත කරමින් සෞඛ්‍ය පරීක්ෂණ සිදු කරගෙන ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    දිවයින පුරා සුවදිවි මධ්‍යස්ථාන සහ සුවනාරි මධ්‍යස්ථාන අතුරින් හොදම සමාජ මෙහෙවරක් ඉටු කළ මධ්‍යස්ථාන සදහා සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ(13) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය. කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ දී මෙම උත්සවය පැවැත්විනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - රෝග නිවාරණය සහ ප්‍රතිකාර කිරීම ඉතාම වැදගත්. එහිදී බෝනොවන රෝග පාලනය කිරිම සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ කාර්යභාරය පිළිබදව දැඩි ලෙස අවධානය යොමු කර තිබෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවේ රෝග නිවාරණය හොද තත්ත්වයක පවතින අතර, ප්‍රතිකාර කිරීම ද විධිමත් මට්ටමින් සිදු වෙනවා. ශ්‍රී ලංකාවේ සුවදිවි මධ්‍යස්ථාන සහ සුවනාරි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද එහි ආභාෂය ලබාගෙන එවැනි මධ්‍යස්ථාන ලක්ෂ එකහමාරක් ඉන්දියාව පුරා ස්ථාපිත කළා. තව ද ශ්‍රී ලංකාවේ හෘද රෝගීන් සදහා භාවිත කරන ස්ටෙන්ස් මිල අඩු කළ පසු ඉන්දියාව ද ස්ටෙන්ස් මිල අඩු කළා. එවැනි දුප්පතුන් කේන්ද්‍ර කර ගත් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීම නිසා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙවර මැතිවරණයෙන් ද ජයග්‍රහණය හිමි කර ගත්තා.

    කිසියම් පුද්ගලයෙකුගේ ශරීරය තුල පවතින රෝග මුල් අවස්ථාවේ දීම හදුනා ගැනීම ප්‍රතිකාර කිරීමට ඉතාම වැදගත්. එය රජයට ද වාසි සහගත වෙනවා. එම අරමුණින් දිවයින පුරා සුවදිවි මධ්‍යස්ථාන සහ සුවනාරි මධ්‍යස්ථාන 1500 ක් පමණ ස්ථාපිත කළා. පසුගිය වසර කිහිපය තුල සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ ජනතාවගෙන් සියයට 35 ක් පමණ එම මධ්‍යස්ථාන භාවිත කරමින් රෝග පරීක්ෂණ සිදු කර ඇති බවයි. සියයට 65 ක් පමණ රෝග පරීක්ෂණ සදහා සහභාගි වී නැහැ. රෝග පරීක්ෂණ සදහා සහභාගිවූවන් ගෙන් ද බහුතරය කාන්තා පාර්ශ්වයයි.

    එම නිසා දෙවන අදියර යටතේ බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක පුද්ගලයින් 10,000 – 15,000 පරාසයක ජනතාවට පවුලේ වෛද්‍යවරයෙක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම වෛද්‍යවරයා තමන්ට අයත්වන ජනතාවගේ සෞඛ්‍ය පරීක්ෂණ සෑම වසරක දීම අවස්ථා 02 ක දී සිදු කළ යුතුයි. එමගින් මිලියන 21 ක් වූ ජනතාවගේ සියලු සෞඛ්‍ය පරික්ෂණ නිවැරදිව සිදු වෙනවා. තව ද ක්‍රමවත්භාවයකින් තොර පෞද්ගලික වෛද්‍ය සේවා ක්‍රමය නතර කර පවුලේ වෛද්‍යවරයා මගින් ජනතාව විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කිරීමේ හැකියාව ද මෙමගින් උදා වනවා.

     මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, අතිරේක ලේකම් සුනිල් ද අල්විස් මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චමිපිකා වික්‍රමසිංහ මහත්මිය ඇතුලු වෛද්‍යවරුන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya