ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ඩබ්ලිව්. ඒ. අබේසිංහ නිර්මාණ සංරක්ෂණයට කෞතුකාගාරයක් ....

    ජූනි 15, 2019

    කලාකීර්ති, ආචාර්ය අධිනීතිඥ ඩබ්ලිව්. ඒ. අබේසිංහ ශූරීන්ගේ සාහිත්‍ය නිර්මාණ සංරක්ෂණය සඳහා කෞතුකාගාරයක් ඉදිකර එම පරිශ්‍රය "පන්හිඳ - ආචාර්ය ඩබ්ලිව්. ඒ. අබේසිංහ නිවහන" යනුවෙන් නම්කොට,එම ස්ථානය ලේඛකයනට හා සාහිත්‍යකාමීනට ඔහු හමුවිය හැකි අසපුවක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගැනීමේ සමාරම්භක උලෙළ, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා කුලියාපිටිය, කුරුදැල්පොත ග්‍රාමයේදී පැවැත්විණි.

    දැනට 80 වන වියේ පසුවන අබේසිංහ සූරීන් අඩසියවසකටත් වැඩි කාලයක් සිංහල භාෂාව හා සාහිත්‍යය පෝෂණය උදෙසා ඉටුකළ අමරණීය මෙහෙවර අගයා එම පන්හිඳ අසපුව පරිශ්‍රයෙහි පුස්තකාලයක් ද ස්ථාපිත කිරීමට ආචාර්ය ඩබ්ලිව්. ඒ. අබේසිංහ පදනම භාරය පියවර ගෙන ඇත.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, එම ‘සන්හිඳ අසපුව’ භූමියේ  සංකේත සිහිවටනයක් ලෙස පොල් පැළයක් ද රෝපණය කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ, කුලියාපිටිය නගරාධිපති ලක්ෂ්මන් අධිකාරි යන මහත්වරුන් සහ කලාකරුවන්, සාහිත්‍යධරයන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya