මීට පෙර අවස්ථා හතරක දී විශේෂ කාරක සභාව රැස්විය. අද කාරක සභාව රැස්වන්නේ පස්වැනි දිනටයි. ඒ අනුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති,නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස්විය.කාරක සභාව වෙත පළමුව සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබුණේ, කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති එම්.පී. කස්තුරි ආරච්චි මහතා ය.
රාජ්‍ය පරිපාලන හා ආපදාකළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සහ නැඟෙනහිරපළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා මහතා මීට පෙර පැවැති කාරක සභාවට සාක්ෂි දීමට කැඳවා තිබුණි.