ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    වඩමරාච්චි උතුර,පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    ජූනි 19, 2019

    රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සහ ප්‍රදේශීය ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ වඩමරාච්චි උතුර, පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකරන ලද නව දෙමහල්
    ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) සිදු කිරීමට නියමිතය.


    රුපියල් ලක්ෂ 319ක වියදමකින් මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත. මෙම ගොඩනැගිල්ල මුල්ගල් තබා වැඩ ආරම්භ කර ඉතා කෙටි කාලයකින් වැඩ අවසන් කිරීමට හැකිවූ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    වඩමරාච්චි උතුර, පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලෙහි විශේෂත්වය වන්නේ වාහන නැවැත්වීමේ පහසුකම්වලින් ද සමන්විතව ඉදිකර තිබීමය. එමෙන්ම අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ද මෙම ගොඩනැගිලිවල ඉදිකර ඇති අතර ගොඩනැගිල්ල සහ එහි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු උපකරණ ද අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් ලබාදෙයි.

    අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ජනතාවට ඉතා විශාල සේවයක් සිදුකළ ද ඇතැම් කාර්යාල ඉතා අඩු පහසුකම් සහිත ප්‍රමාණවත් තරම් ඉඩක් නොමැති ස්ථාන බවට පත්ව තිබීම හේතුවෙන් එම සේවය කාර්යක්ෂමව සිදුකිරීමේ යම් යම් ගැටලු ඇතිවන බවයි. එබැවින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල භෞතික වශයෙන් වැඩිදියුණු කිරීම රජයේ ඉලක්කයක් බව ද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    මෙම අවස්ථාව සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ.සුමන්තිරන් යන මහත්ම මහත්මීහු සහභාගිවෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya