ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    නවීන තක්ෂණය සමඟ මත්ස්‍ය වගාවට ධීවරයින් හුරු කිරීමට කටයුතු කෙරෙනවා

    ජූනි 19, 2019

    නවීන තක්ෂණය සමඟ මත්ස්‍ය වගාවට ධීවරයින්  හුරු කිරීමට කටයුතු සිදු කෙරෙමින් සිටින බව කෘෂි කර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පිටරට අත් අඩංගුවේ සිටින සියලු ධීවරයින් නිදහස් කරගැනීමට හැකි වුණා. රජය මඟින් ලබාදෙන ප්‍රතිපාදන  යටතේ ධීවර කර්මාන්තය නඟා සිටුවන්න බෑ. ලෝක බැංකුව නොර්වේ යන රටවල ආධාර ලැබෙනවා.රජයේ  ආධාර ඇතිව නවීන තක්ෂණය සමඟ මත්ස්‍ය වගාවට හුරු කිරීමට කටයුතු කෙරෙනවා. අභ්‍යන්තර ධීවර  ජලාශවලට ධීවර සමිති පිහිටුවා තිබෙනවා. ගැටළුවක් තිබෙනවා නම් ඒ ගැන මැදිහත් වීමට පුළුවන්. ධීවර වරාය  හා බෝට්ටු එකාධිකාරියක් තිබුණා. ඒ සමිතිවල ව්‍යවස්ථා වෙනස් කර තිබෙනවා. ධීවර අංශයේ සැමන්  කර්මාන්තය දේශීය වශයෙන් ක්‍රියාත්මක වෙනවා .දේශීය දෙය අගය කළ යුතුයි.

    මෙහිදී අඳහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ;සැමන් ටින් කර්මාන්තය කරන්න දුන්නේ නෑ.  මම කර්මාන්තශාලා හතරක් හැදුවා. සමහර නිෂ්පාදන පිටරට යවනවා. රසයේ අඩුවක් ගැන කියන්නේ පිටරටින්  ටින් මාළු ගෙන අයයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya