ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    දුම්රිය ස්ථාන නවීකරණය කිරීමට පෞද්ගලික අංශයේ දයකත්වය

    ජූනි 19, 2019

    දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය ස්ථාන නවීකරණය කිරීමට පෞද්ගලික අංශයේ දයකත්වය ලබාගැනීමට තීරණය කර තිබෙන බවත් ඒ සඳහා පෞද්ගලික අංශයට අවස්ථාව ලබා දී තිබෙන බවත් ප්‍රවාහන හා සිවිල්  ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාට්‍යවරයා  මෙසේ පැවසීය.

    මෙමඟින් රජයට කිසිදු වියදමක් නැතැයි කී අමාත්‍යවරයා,දේශීය විදේශීය මඟීන්ට පහසුකම් සහිත වැසිකිළි  පහසුකම් සකස් කිරීමට ද කටයුතු කෙරෙන බව කීය. සංවර්ධනය කළ යුතු තත්ත්වයේ දුම් රිය ස්ථාන 134ක් පවතින බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා,2015 වසරේ සිට  මේ දක්වා සංවර්ධනය කරන ලද දුම් රිය ස්ථාන 58ක් බව කීය. ඒ අනුව ඉදිරියේ දී සංවර්ධනය කිරීමට නියමිත දුම් රිය ස්ථාන සංඛ්යාව 59ක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙමින් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya