පනත් කෙටුම්පත පිළිඳ විවාදය අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ආරම්භ කළේ ය. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ නාමය වෙනස් කර එය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථව නමින් නව නාමකරණයක් කිරීම මෙම සංශෝධනයේ අරමුණ බව විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
පහත් බිම් වල ගංවතුර පාලනය අත්‍යාවශ්‍ය කරණයක් බවට පත්වෙලා. වතුර රඳවා තබාගැනීම ශක්තිමත් කිරීම, ඒ සඳහා වූ සංවර්ධන වැඩසටහන හා නිවැරැදි ගංවතුර පිළිබඳ පුරෝකථනය කිරීමේ වැඩපිළිවෙලක් අරම්භ කර තිබෙනවා. ඒ නිසා ගංවතුර පිළිබඳව නිවැරැදි පුරෝකථන කරන්න හැකි වී තිබෙනවා. ලබන වසරේ ඒ පිළිබඳව වූ විශේෂ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා කීය.