ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව ප්‍රායෝගික උපදේශන වැඩමුළුවක්

    ජූනි 19, 2019

    ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව අඹේපුස්ස ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී ප්‍රායෝගික උපදේශන වැඩමුළුවක් සංවිධානය කර තිබුණි.

    අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශය සහ පබෝධා මෙත් සේවන ප්‍රතිකාර සහ පුනරුත්ථපන මධ්‍යස්ථානය මූලිකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

    මේ පිළිබඳව අඳහස් දැක්වූ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ එච්.එම්.සිරිසේන හේරත් මහතා; ''මෙහි මුල්ම වැඩසටහන අඹේපුස්ස බන්ධනාගාරයේ සිදු කරන්නට යෙදුනේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්තුමා,බන්ධනාගර කොමසාරිස් ජනරාල්තුමා,අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිතුමා, මඟපෙන්වීමෙන් මෙම වැඩසටහන පැවැත්වෙන්නේ.මෙම රැදවියන්ට අවස්ථ කීපයක දී විවිධ වැඩසටහන් සංවිධානය කළා. මත්ද්‍රව්‍ය විශෝධනයට ම තිබෙන විශේෂ ආයතනයක් ලෙස සුවිශේෂ කටයුත්තක් ශ්‍රී ලංකාවේ සිදු කරන ආයතනයක මෙම වැඩසටහන සිදු කරන්නේ ''යැයි පැවසීය

    සියයකට ආසන්න තරුණ පිරිසක් මේ සඳහා සහභාගී වූ බවද සිරිසේන හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya