අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ඉදිකළ තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල සහ එහි නිල නිවස ප.ව. 3.00ට ජනතා අයිතියට පත් කිරීමද තවලම ශ්‍රී ශාසනෝධයාරාම පුරාණ විහාර භූමියේ ඉදිකළ සුරක්ෂා මධ්‍යස්ථානය සඟසතුකොට පුජා කිරීම ප.ව. 3.30ටද සිදු කිරීමට කටයුතු යොදා ඇත.
තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තෙමහල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 595ක වියදමින් ඉදිකර ඇති අතර 2017 පෙබරවාරි මස 06 දින මුල්ගල තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.
රුපියල් ලක්ෂ 46ක වියදමින් ඉදිකළ තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල නිවස සඳහා මුල්ගල තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ 2016 සැප්තැම්බර් 23 වැනි දිනය. ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද තවලම ශ්‍රී ශාසනෝධයාරාම පුරාණ විහාර සුරක්ෂිත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 57කි.
මෙම ගොඩනැගිලි මුල්ගල් තබා වැඩ ආරම්භ කර ඉතා කෙටි කාලයකින් වැඩ අවසන් කිරීමට හැකිවූ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලෙහි විශේෂත්වය වන්නේ වාහන නැවැත්වීමේ පහසුකම්වලින් ද සමන්විතව ඉදිකර තිබීමය. එමෙන්ම අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ද මෙම ගොඩනැගිලිවල ඉදිකර ඇති අතර ගොඩනැගිලි සහ එහි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු උපකරණ ද අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් ලබාදෙයි.
මෙයට සමගාමීව රුපියල් ලක්ෂ 300ක වියදමකින් ඉදිකරන ලද තවලම විද්‍යාරාජ ජාතික පාසලේ නව ගොඩනැගිල්ල ප.ව. 2.30ට හා රුපියල් ලක්ෂ 150ක වියදමකින් ඉදිකරන ලද හිනිදුම මල්ලිකා නවෝද්‍යා විදුහලේ නව ගොඩනැගිල්ල ප.ව.4.00ට සිසු අයිතියට පත්කිරීම සහ ඕපාත පොලිස් ස්ථානය ප.ව.2.00ට විවෘත කිරීම ද අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් සිදු කෙරේ.
තවලම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රතිලාභී පවුල් 1881 නව සමෘද්ධි දීමනා පත් ලබාදීම ද මෙහිදී සිදු වෙයි.
මෙම අවස්ථාවන් සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු හා හිටපු පළාත් සභා මැතිඇමැතිවරු ඇතුළු නගරාධිපතිවරු, සභාපතිවරු, විපක්ෂ නායකවරු සහ මන්ත්‍රීවරු සහභාගිවීමට නියමිතය.