ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි විහාරස්ථාන 600 ක සවස 6.00 සිට පිරිත් සජ්ජායනාවන් සිදුකිරීමට සුදානම් බවත්, පවතින දුර්භික්ෂ තත්වය මැඩලිමටත්, රටට ශාන්තිය පතා මෙම වඩසටහන ක්‍රියාත්මක කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සදහන් කළේ, එදිනම, රුවන්වැලිසෑය , ජය ශ්‍රී මහා බෝධිය අසල අටමස්ථාන නායක හාමුදුරුවන්ගේ මගපෙන්වීමේන් භික්ෂූන් වහන්සේලා 500 නමක් වැඩමවා සවස 6.00 සිට පැය 03 ක් පිරිත් සජ්ජායනාවක් සිදුකිරීමට සුදානම් බවයි.