ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව, තවලම, නාගොඩ , බද්දේගම සහ ලබුදූව ප්‍රදේශවල කිලොමීටර් 51 ක මර්ග පද්ධතිය සංවර්ධනය කිරීම රුපියල් බිලියන 6.1 ක හෙවත් රුපියල් කෝටි 610 ක වියදමින් ආරම්භ කිරීමට නියමිත බවත්, මේ යටතේ කරාපිටිය හන්දියේ සිට තලගහ හන්දිය දක්වාත්, තලගහ හන්දියේ සිට වඳුරඹ හන්දිය දක්වාත්, වඳුරඹ සිට හිනිදුම දක්වාත්, බද්දේගම සිට වඳුරඹ දක්වාත් මාර්ග පද්ධතියේ අයෝජනය සිදුවෙන බවත්. මෙය කඩිනම් වැඩපිළිවෙළක් යටතේ මාස 3-4 කින් නිමකිරීමට මෙම ව්‍යාපෘතිය නිමකිරීමට නියමතව ඇති බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ අදහස් පල කළේ, කොළBa රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි. මෙම මාර්ග වසර 30- 40 ක කාලයකින් සංවර්ධනය කර නොතිබූ බවද ඔහු පැවසීය.
"පසුගිය වසර කිහිපය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ රුපියල් බිලියන 300-400 අතර මුදල් වියදම් කරමින් විවිධ සංවර්ධන වැඩසටහන් ව්‍යෘපෘති සිදුකර තිබෙන බවත්, එම බොහෝ අවස්ථාවලට අමාත්‍යවරයා වශයෙන් සහභාගීවීමට පවා අවස්ථාවක් නොතිබූ බවත් ඔහු වැඩිදුරත් සදහන් කළේය..
"බද්දගම සිට නාගොඩ පාරේ කි.මි. 12 ක්, රුපියල් ලක්ෂ 4800 ක වියදමින් වසර 50 කට පසු සංවර්ධනය කරන්න පුළුවන් වුණා. එම මුදල ආසියානු සංවර්ධන බැංකුවෙන් අපට ලැබුන ත්‍යාග මුදලක්. එය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සිදු වුණා.
මෙම මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ වන්නේ adha (ජුනි 21 ) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනතා අයිතියට පවරනු ලබන සංවර්ධන වැඩකටයුතු වල සමගාමීව බවද ඇමැතිවරයා පැවසීය.
හෙට දවස තුළ නෙලුව සහ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 1881 කට අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීමටද නියමිතය.
" අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ( 21) දින ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් රාශියක් ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි. ඒ යටතේ හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි තවලම විද්‍යාරාජ ජාතික පාසැලේ ලක්ෂ 300 ක වියදමින් ඉදිකර ඇති නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමට නියමිතයි. එදිනම ඕපාත පොලිස් ස්ථානය රුපියල් ලක්ෂ 300 ක වියදමින් ඉදිකර විවෘත කිරීමට නියමිතව තිබෙනවා. තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෙමහල් ගොඩනැගිල්ල ලක්ෂ 595 වියදමින් විවෘත කිරීමට නියමිතයි. එමෙන්ම තවලම සංචාරක බංගලාව ලක්ෂ 46 ක වියදමින් ඉදිකර විවෘත කිරීමට නියමිතයි. හිනිදුම මල්ලිකා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල ලක්ෂ 350 ක වියදමින් ඉදිකර සිසු අයිතියට පත්කිරීමට සිදු කෙරෙනවා.
ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ තවලම ශ්‍රී ශාසනාරෝධ පුරාණ රජමහ විහාරයේ විහාර ගොඩනැගිල්ල ලක්ෂ 57 කින් ඉදිකර සඟ සතුකිරීමද අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබෙනවා. " ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
වසර 100 කට වැඩි කාලයක පටන් සමස්ත ගාල්ල දිස්ත්‍රික්කයම වෙලාගෙන තිබෙත ගිං ගඟේ ගංවතුර උවදුර මැඩපැවැත්වීමට අවශ්‍ය ව්‍යාපෘතිය, 2017 වසරේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර අනුමැතිය ගෙන එහි මුලික අධ්‍යයන කටයුතු සහ ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ දිනවල අවසන් වී ඇති බවත්, එමගින් ගාල්ල දිස්ත්‍රිකකයේ වැඩිපුර ප්‍රමාණයක් පීඩාවට පත්වන ගිං ගඟේ ගං වතුර උවදුර වැලැක්වීමට ව්‍යාපෘතියක් වශයෙන් ලංකාගම ප්‍රදේශය අසලින් ජලාශයක් ඉදිකර එමගින් මො.වො. 50 ජල විදුලිය උත්පාදනයටත්, ගංවතුර පාලනයටත් ඉලක්ක කරමින් සමස්ත ව්‍යාපෘතිය වැඩ ආරම්භවීමට නියමිත බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
adha දිනයේ ( 21) මෙම ව්‍යාපෘති සියල්ලම අග්‍රාමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට සැලසුම්කර තිබෙන බවත්, නොබෝදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග කඩා වැටුණු, විශේෂයෙන්ම ගාල්ල දස්ත්‍රික්කයේ සහ පොදුවේ රටපුරා සංචාරය ව්‍යාපාරය යළි නගාසිටුවීමට අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.