දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 87 වන සංවත්සරයට සමගාමීව මෙතෙක් ඉටු කරන ලද කාර්යයන්ට අමතරව ගාල්ල දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන්ගේ දායකත්වයෙන් ගා/අලුත්වල මහා විද්‍යාලයේ අලුත්වැඩියා කොට නවීකරණය කරන ලද විද්‍යාගාරය සිසු අයිතියට භාරදීම පෙ.ව.11.30 ට සිදු කරන අතර, ප.ව. 1.30 ට ගාල්ල දේශීය ආදායම් කාර්යාලයේදී බහුවිධ ව්‍යාපෘතීන් ආරම්භ කිරීම සඳහා මූලික කටයුතු ඉටු කර ඇත. ඒ අනුව සම්පූර්ණ කාර්යාලීය ගොඩනැගිල්ල වායුසමනය කිරීම, විදුලි සෝපානය සවිකිරීම, විදුලි ජනක පද්ධතිය සවිකිරීම කටයුතු ඇතුළු ව්‍යාපෘති රැසක් එදින නව කොමසාරිස් ජනරාල් තුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නව මුහුණුවරක් එක්කරමින් බදු කලාගාරය ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති අතර, එහි පළමු අදියර ද එදිනම මහජනතාව උදෙසා විවෘත කිරීමට බලාපොරොත්තු වේ.
නව කොමසාරිස් ජනරාල් තුමාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක බදු ගෙවන්නන් සහ ව්‍යාපාරිකයින් බදු ආශ්‍රිත ගැටළු හඳුනාගෙන එම අවස්ථාවේදිම විසඳුමක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක බදු සායනය (ඨx Cලිනිc) එදින ප.ව.5.30 ට ගාල්ල ඔරොප්පුවත්ත පිහිටි වෙළඳ හා කර්මාන්ත මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර, එහිදී ආදායම් බදු, ජාතිය ගොඩනැගීමේ බදු, වැට් බදු හා අනෙකුත් බදු ආශ්‍රිත පැනනැගී ඇති ගැටළු සහ බදු ගෙවන්නන්ගේ යෝජනා හා අදහස් ලබාගනිමින් ඒවාට ඉක්මනින් පිළිතුරු ලබාදිමත් අපේක්ෂා කෙරේ. මෙම උත්සවය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ගාල්ල කාර්යාලය සංවිධානය කරන අතර, ඒ සඳහා බදු ගෙවන්නන්ගේ පැමිණිම අපේක්ෂා කෙරේ.
DMU/Galle