මේ අනුව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ඉදිකළ තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල සහ එහි නිල නිවස පස්වරු 3.00 ට ජනතා අයිතියට පත්කිරීමද තවලම ශ්‍රී ශාසනෝධයාරාම පූර්ණ විහාර භූමියේ ඉදිකළ සුරක්ෂා මධ්‍යස්ථානය සඟසතු කොට පූජා කිරීම පස්වරු 3.30 ට සිදුකිරීමට කටයුතු යොදා ඇත.
තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තෙමහල් ගොඩනැගිල්ල රු ලක්ෂ 595 ක වියදමින් ඉදිකර ඇති අතර 2017 පෙබරවාරි මස 6 දින මුල්ගල තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. ආසියානු සංවර්ධන මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද තවලම ශ්‍රී ශාසනෝධයාරාම පූර්ණ විහාර සුරක්ෂිත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සදහා වැයකර ඇති මුදල රු ලක්ෂ 57 කි.
මෙම ගොඩනැගිල්ලට මුල්ගල තබා වැඩ ආරම්භ කර ඉතා කෙටි කාලයකින් වැඩ අවසන් කිරීමට හැකි වූ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.
මෙයට සමගාමීව රු ලක්ෂ 300 ක වියදමකින් ඉදිකරන ලද තවලම විද්‍යාරාජ ජාතික පාසලේ නව ගොඩනැගිල්ල පස්වරු 2.30 ට හා රුපියල් ලක්ෂ 150 ක වියදමෙන් ඉදිකරන ලද හිනිදුම මල්ලිකා නවෝද්‍යා විදුහලේ නව ගොඩනැගිල්ල පස්වරු 4.00 ට සිසු අයිතියට පත්කිරීම සහ ඕපාත පොලිස් ස්ථානය පස්වරු 2.00 ට විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් සිදුකෙරෙන බවද අබේවර්ධන මහතා කීය.
තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රතිලාභී පවුල් 1881 නව සමෘද්ධි දීමනා පත් ලබාදීම ද මෙහිදී සිදුවේ. මෙම අවස්ථාවන් සදහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු හා හිටපු පළාත් සභා මැති ඇමැති වරුන් ඇතුළු නගරාධිපතිවරුන් , සභාපතිවරුන් , විපක්ෂනායකවරුන් සහ මන්ත්‍රීවරුන් සහභාගී වීමට නියමිතය.