මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අද (21) මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,ත්‍රස්තවදය වැළැක්වීමේ (තාවකලික විධිවිධන ) පනත යටතේ නියෝගය පිළිබඳ විවාදයට එක්වෙමිනි.
ත්‍රස්තවදයට විරුද්ධව ක්‍රියා කරනකොට සිවිල් සමාජයේ නිදහසත් ආරක්ෂා කරන්න ඕන. එදා රජය ඒවා කතා කළේ නෑ. පුද්ගල නිදහස ගැන අප කතා කරනවා. ත්‍රස්තවාදයට අනිවාර්යෙන් ම තිත තියන්න ඕන. නමුත් මාධ්‍ය නිදහසත් අප ආරක්ෂා කළ යුතුයි.සාෆි කියලා වෛද්‍යවරයෙක් ගැන ලොකු කතවක් ගියා.වඳ සැත්කම් කර තිබෙනවා කියලා මාධ්‍යවල ගියා. සාෆිගේ දරුවන්ට පාසලට යන්න බැරි තත්ත්වයක් උදා වුණා. අපි සාධාරණව ක්‍රියා කරන්න ඕන. චෝදනා මුලින් ම කියන්න තිබුණේ පොලීසියටයි. විද්‍යාත්මක පරීක්ෂණ කර තමයි නිගමනවලට එන්න පුළුවන්. එය දැන් සිදුවෙනවා. ජනමාධ්‍ය මඟින් සිදු කරන චෝදනා ඔප්පු කරගන්න නොහැකි වුණොත් කවුද වග කියන්නේ ''යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.