බැටික්ලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය පිළිබඳ සිදු කළ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහාචර්ය ආශූ මාරසිංහ මහතා විසින් අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වර්තාව ඉදිරිපත් කළේ ය.
මෙම වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඉතාම ඉක්මනින් විවාදයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඉල්ලා සිටියේ ය. ඊට පිළිතුරු දෙමින් සභානායක,අමත්‍ය ලක්ෂ්මන් කිරිඇල් අමහතා සඳහන් කළේ විවාදයක් ලබාදීමට සූදානම් බවයි.