මෙම රිය අනතුරින් මිය ගිය සියලුදෙනා වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසින් වෙත ජනාධිපතිතුමා සිය දැඩි සංවේගය පළ කළේ ය.
එමෙන්ම තුවාල ලැබූවන්ගේ ප්‍රතිකාර කටයුතු සහ ඔවුන්ගේ පවුල්වල තොරතුරු පිළිබඳව ද සොයා බැලූ ජනාධිපතිතුමා අනතුරට පත් සියලුදෙනාගේ පවුල්වල සුබසාධනය සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදීමට ද නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.