තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති විශේෂඥ කමිටුවේ ප්රධානී මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර කමිටුවේ සෙසු සාමාජිකයන් සහ ජනාධිපති උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්රී ලංකාව වසර 2030 වන විට තිරසර දේශයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ ලබා ගැනීමට ජනාධිපති ගරු මෛත්රීපාල සිරසේන මැතිතුමා විසින් පත්කරනු ලැබු ජනාධිපති විශේෂඥ කමිටුව මඟින් සකස් කරන ලද ජාතික තිරසර කතිකාවේ අවසන් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.