පළමු වටයේ දී ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවට ගිලන් රථ 88 ක් පරිත්‍යාග කළ අතර ඉන් අනතුරුව සුව සැරිය ගිලන් රථ 209 ක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. මෙම උත්සවයේ දී නැගෙනහිර පළාතේ රෝහල් සඳහා ගිලන් රථ 27 ක් පරිත්‍යාග කිරීමට නියමිතය.
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා, ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය, ඉන්දියානු මහ කොමසාරිස් එච්. ඊ. තරන්ජිත් සිං මහතා ඇතුළු මැති ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන් රැසක් මේ අවස්ථාවට සහභාගී වේ.