ජුනි 30 වැනි දිනට යෙදෙන ලෝක සමාජ මාධ්‍ය දිනය වෙනුවෙන් ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන අතර එහි එක් වැඩසටහනක් ලෙස වෙබ් මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍යවල කටයුතු කරන මාධ්‍යවේදීන් වෙනුවෙන් වැඩමුළුවක් අද (24) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.
එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
මෙහිදී අප බලාපොරොත්තු වන්නේ වෘත්තීයභාවයක් අති කරන්නේ කොහොමද කියලයි.වෙබ් අඩවියක් පවත්වාගෙන යැමේ දී ඉහළ ප්‍රමිතියක් තාක්ෂණික ආකර්ෂණයක් තිබිය යුතුයි,අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ තරඟ කිරීමට නම්.වෘත්තීය වශයෙන් වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා නම් ඉහළ ගුණාත්මකභාවයක් පවත්වාගැනීම වැදගත්.වෙබ් අඩවිවල ගුණාත්මකභාවය වෙනුවෙන් උදව් කළ හැකියි.
වසර පහක උපායමාර්ගික වැඩපිළිවෙලක් තිබෙනවා. සයිබර් ආරක්ෂණය පිළිබඳ වැඩපිළිවෙලක් සකස් වෙනවා.ඒ පිළිබඳව පනත් පාර්ලිමේන්තුවට ගෙන එනවා. සයිබර් ආරක්ෂණයේ දී කන්ටෙන්ට් එකට කිසිදු ප්‍රශ්නයක් නෑ.වෙබ් අඩවියක වෙන කොහෙවත් පළ නොවූ ප්රවෘත්ති පළවෙන්න ඔන. වෘත්තීමය භාවය තිබෙන්න ඕන. අන්තර්ගතය නිවැරැදි වීම වැදගත්.වෘත්තිය වශයෙන් වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න නම් කොහොම ද එහි ප්‍රමිතිය පවත්වාගෙන යන්නේ. ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය වෙබ් අඩවිවල ගුණාත්මකභාවය ඇති කරන්න උදව් කරන්න කමැත්තෙන් සිටිනවා.
වෙබ් අදටත් වළංගුයි. බොලොග් අදටත් වළංගුයි. වෙබ්වලට තවමත් අවස්ථාවක් තිබෙනවා. වෘත්තීමය භාවය ඇති කරන්නේ කොහොමද? ,අපක්ෂපාති වෙන්නේ කොහොමද? , අසත්‍ය දේවල් වාර්තාකරණයෙන් ඉවත් වෙන්නේ කොහොමද ?,කෙටිකාලීන විශ්වාසයට වඩා දිගු කාලීන විශ්වාසයක් ගොඩ නගන්නේ කෙසේද? යන්න පිළිබඳව වූ දිගු කාලීන විශ්වාසවන්තභාවයයි, දිගු කාලීන පැවැත්මයි වැදගත්.
වෙබ් කරණය ඉතාම අභියෝගාත්මක තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. අපි ලැස්තියි උදව් කරන්න. රජයක් හැටියට මාධ්‍ය නිදහස අගය කරනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය නීති ගත කළා.ඊළඟ මට්ටම ගුණාත්මකභාවය ඉතාම වැදගත්.එය වැඩි දියුණු කරන්න උදව් කරන්න රජයක් විදියට සූදානම්.එමෙන් ම වෙබ් ජනමාධ්‍යවේදීන් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට පියවර ගන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී පැමිණ සිටි වෙබ් ජනමාධ්‍යවේදීන් සමඟ පවතින ගැටළු අභියෝග හා සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර මාධ්‍යවේදීන් විසින් සිය අඳහස් ඉදිරිපත් කළේ ය.
මේ අවස්ථාවට එක් වූ ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී. දිසානායක මහතා,රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා,ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාෂණ නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා මෙහිදී අඳහස් දැක්වීය.