ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවෙන් වැඩසටහන් රැසක්

    ජූනි 24, 2019

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහභාගී කරගෙන ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව සංවිධානය කරන ක්‍රියාකාරකම් රැසක් වයඹ, දකුණ, සබරගමුව සහ බස්නාහිර යන පළාත්වල ක්‍රියාත්මක කිරීමට සූදානම් බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් කුමාරි මහත්මිය පැවසීය.

    ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ආඥාලාභීන් 200 කගේ සහභාගීත්වයෙන් අද දින (ජූනි 24) දකුණු පළාතේ තංගල්ල  වෙරළ තීරය සහ මාතර කුඩාවැල්ල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද ජූනි 25 වන හෙට දින බස්නාහිර  පළාතේ මොරටුව ලුනාව රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමත් ජූනි 27 වන දින වයස් භේදයකින් තොරව මත්ද්‍රව්‍ය වලට  ඇබ්බැහි වූවන් සිටින උතුරුමැද පළාතේ රඹෑව වාමිනිගම ගම්මානයේ ගම්වාසීන් සහ ආඥාලාභීන් සහභාගී කරගෙන මත්ද්‍රව්‍ය වලින් අත්මිදෙන ආකාරය පිළිබදව ඔවුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    සබරගමුව පළාතේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව යහපත් කල්ක්‍රියාවෙන් යුක්තව හොඳින්  විශෝධනය වූ ආඥාලාභීන් හට ස්වයං රැකියාවක් ආරම්භ කිරීමේ මූලික ප්‍රාග්ධනය ලෙස රු.50,000 ක දීමනාවක්  ලබාදීම සහ ඔවුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අතර ජූලි 01 වන දින වයඹ පළාතේ කුලියාපිටිය  හෙට්ටිපොළ මාර්ගය දෙපස ආඥාලාභීන් 250 කගේ සහභාගීත්වයෙන් පැළ 1500 ක් සිටුවීමේ වැඩසටහනක්  ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

    මේ වනවිට මත්ද්‍රව්‍ය වලින් මිදුණු යහපත් පුද්ගලයන් වන මොවුන්ගෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන සමයේදී සිදුවූ  හානිය ප්‍රතිපූර්ණය කිරීම සදහා ඔවුන්ව රටට සෙතක් සැලසෙන ක්‍රියාවන්ට යොදාගැනීම මෙම වැඩසටහන්  මාලාවේ ප්‍රධාන අරමුණ වන බව ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ සමන් කුමාරි  මහත්මිය ප්‍රකාශ කළාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya