මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ඵලදායී ලෙස රැදවියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද නිර්මාණාත්මකව චිත්‍ර, කවි පන්තියක් හෝ පද්‍යයක් නිර්මාණය කළ හැකි අයටද ඒ සඳහා අවස්ථා ලබාදෙන වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමටද සූදානම් කර ඇති බවද බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේ ය.
එසේම ජූනි 26 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය හා එක්ව කරන පා ගමනට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහය දෙන බවද ජූනි 30 වන දින බන්ධනාගාර දෙපාර්තමේන්තුව කිලෝ මීටර හතරක පා ගමනක් සූදානම් කර තිබෙන බවද තෙන්නකෝන් මහතා පැවැසීය.