එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් මෙරට පාසල් දූ දරුවන්ගේ අඩු පෝෂණ මට්ටම දැක නොමිලේ දිවා ආහාර මුද්දරය ලබා දීමේ වැඩසටහන ආරම්භ කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා,ලක්ෂ 44 ක් වන පාසල් දූ දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වගකීම තමන් බාර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පාසල් දූ දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙනවා සේම පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීම රජයක වගකීමක් බවත්, එය පාසල් දූ දරුවන්ගේ මානව අයිතිවාසිකමක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව, වැදිවැව ප්‍රදේශයේ ඉදිකළ “සහස්‍රාගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට (21) දින සහභාගී වෙමිණි.
“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 205 වන ආදර්ශ ගම්මානය මෙය වේ.
“සහස්‍රාගම” උදා ගම්මානය නිවාස 25 කින් සමන්විත වන අතර එය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 222 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙම උදා ගම්මානය සමන්විතයි.
ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 25 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 56 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 25 ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100 කට රුපියල් ලක්ෂ 200 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 20 ක් සඳහා රුපියල් ලක්ෂ 100 ක් වටිනා ‘ග්‍රාම ශක්ති’ නිවාස ආධාර, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභින් 60 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 30 ක් වටිනා ප්‍රතිලාභ, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 120 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි සහ ගම්මානයේ නිවාස සමිතියට පුටු ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි. වකුගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනක්ද මෙහිදී පැවැත්විණී.