ලග්ගල පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වූ මෙම සහන සේවා වැඩසටහන මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි කුමාරි කවිරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
මෙම සහන සේවා වැඩසටහන සදහා සේවාලාභීන් 3000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වී සිටි අතර රාජ්‍ය ආයතන 75 කට අධික ප්‍රමාණයක් සේවා සැපයීම සදහා පැමිණ සිටියහ.
ග්‍රාමීය ජනතාවගේ ගැටළු වලට විසදුම් ලබාදීමේ අරමුණින් ඉකුත් ජූනි 01 දින අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ ජංගම සේවා වැඩසටහන ආරම්භ කළ අතර, සෑම සති අන්තයකම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කේන්ද්‍ර කොට
ගනිමින් මෙය ක්‍රියාත්මකය. මේ වන විට මාතලේ, රත්තොට, යටවත්ත, උකුවෙල, නාඋල සහ ලග්ගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජංගම සේවා වැඩසටහන පවත්වා අවසන්ව ඇති අතර, එහිදී ජනතා ගැටළු 22,000 කට ආසන්න ප්‍රමාණයකට සහන
සලසා තිබේ. එළඹෙන 29 සහ 30 දින වල විල්ගමුව සහ අඹන්ගග කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙමඅවස්ථාව සදහා අභ්‍යන්තර, ස්‍වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න, මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.කේ.ජී පෙරේරා මහතා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.