එදිනෙදා ජීවිතයේ දී හා රාජකාරි ජීවිතයේ දී ඇතිවන මානසික ආතතිය කළමනාකරණය කරගෙන නිවැරදිව ගැටළු හා ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය පිළිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් මත මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 16 හි මාණ්ඩලික නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතාගේ හා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
තංගල්ල අධ්‍යාපන කලාපයේ මනෝවිද්‍යා උපදේශක රේණුකා හේවගේ මහත්මිය මෙහි සම්පත් දායකත්වය සපයන ලදි.
මේ අවස්ථාවට මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහත්මිය, සහකාර ප්‍රාදේශිය ලේකම්වරු, ගණකාධිකාරිවරු, සහකාර ක්‍රම සම්පාදන අධ්‍යක්ෂවරු, පරිපාලන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
DMU/matara